සුරලියක වගෙ රුවිනාsuraliyaka wage ruwinaa

Suraliyaka Wage Ruwina

Lyrics

සුරලියක වගෙ රුවිනා
මුදු ගතිගුන හරි අගනා
පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන්
ලස්සන රං එතනා //

වෙල්යායෙ හා ගං ඉව්රෙ
ඒ මදු ගීහඩ පැතිරෙ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රංඑතනා//

මගෙ ජීවන මල් උයනෙ 
ඔබ වේ පිපි පෙම් කුසුමෙ
මදුරස බොන්නම් නිති සුරකින්නම්
ඔයා කැමතිද රං එතනා//

දුකසැප විදුමට තුතිනා 
හැකිනම් එක්වෙමු දෙදෙනා
එන මහට කලින් ගෙන යමි කැන්දන්
මාගෙ පැල වෙත රන් එතනා//

සුරලියක ..//
ලස්සන රං එතනා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.