සුර ගීයයි බිළිඳු හඬයිsura giiyayi bilindu handayi

Sura Geeyai Bilindu Handai

Lyrics

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ...

සුසිත් දනන්හට සාමය ලැබී දිනේවා
ලොව සව්සතහට සාමය ලැබී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා...

ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා
සුර දුතු කැළ කියූ බිළිඳු කොහෙද අසනවා
බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා...

දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ 
බිළිඳා මව් උකුලට වී සැපට නිදන්නේ 
පිය අතට බර වී පිටු පසින් සිටින්නේ 
මෙතනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.