සුපුරුදු සෙනෙහසsupurudhu senehasa

Supurudu Senehasa

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
ජගත් පෙරේරාjagath pereeraa

Lyrics

(සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා
නුපුරදු තනිකම හිතට ඇවිල්ලා
මට වද දෙනවා මතකය ඇවිදින් නුඹවම ඕනේමලු
නුඹ යළි ඕනේමලු සෙවණැල්ලම වාගේලු......//)

අපමණ පැතුමන් සිතේ සිරවෙලා 
අහසත් සඳ තරු ළඟදී ගොළු වෙලා
(මතකද අපි උන්නා සඳ තරු ගැන දිව්රා......//)
නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු.......

ළංවුණු හැටි දන්නේ අප පමණයි
වෙන් වූ හැටි නම් හරි පුදුමයි
(එන්නද මම දුවලා ඉන්නට ළඟට වෙලා.....//)
නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු.......

සුපුරුදු සෙනෙහස......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.