Lyrics
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(මුළු ජීවිතේ වෙන් කලේ ඔබටමයි
අමතක කරපු තාලේ පුදුමයි දුකයි)...//
අපෙ ලෝකේ බිඳ දැම්මේ සුදු ඔබ තමයි
(ඉර හඳ පවා මාගේ ගුණදම් කියයි)...//
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(එනකල්ම අන්තිම වෙලාවම මගේ
ඔබ ලඟම නවතින්න ඕනෑ කලේ)...//
හීනයකවත් නොසිතූ දෙයකී උනේ
(හිතුවේම නැති තැනක අපි වෙන් උනේ)...//
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//