සුපුන් සිහිනේ නිදන් පුතුනේsupun sihinee nidhan puthunee

Supun Sihine Nidan Puthune

Lyrics

සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා
සුන් කරයි මා වේදනා...

සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ....

රන් විමන් දු‍ටුවේද මන්දිර
පුතුනි ඔබ සිහිනේ
නන් සැපෙන් පිරවීද නිදි දුව
ඒ සිහින විමනේ
මාපුතු සිහිනේ අඳින දෙවිඳේ
මුලා නොකරන් මා පුතුන්
නොමැත සුව නිදියහන් පුතු හට
නොම මවනු මැන ඒ දසුන්
තරුවැල් ගොතා සඳ කැන් මතින්
සතපන්න පුතු හැකිනම්...

සුපුන් සිහිනේ...

දෙව් ලඳුන් පිරිවර අරන්
වැඩියේද මවු සිහිනේ
මා පුතුන් දෝතින් අරන්
නැලවීද ඈ ගීයෙන්
ඇගේ දෙ අතේ නිදන් පුතුනේ
නොම සොයනු අවදිව මවුන්
සුව නොමැත මා පහස ඇගෙ මෙන්
රලු උනේ උරතල බරින්
මාලොව පහන් කල රන් පුතුන් ඔබ
රකිමි දිවි හිමියෙන්...

සුපුන් සිහිනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.