Lyrics
සුපුන් සඳේ කැලුම් පිරේ
විල්තෙරේ පියුම් පිපේ
සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ
ඔබ තමා ස්නේහයේ පහන්
දැල්වූවේ
නිල් වලා මැදින් තාරකා දිලේ
වසත් මල් පිපී නිශාවේ සැලේ
ඔබ මගේ කිවූ දිනේ යලිදු මට ඇසේ
තනිවී ඇත මා ලොවේ
සුදු සඳවතුරේ රන්රටා මැවේ
ඒ රටා මැදින් ඔබේ වත පෙනේ
මුනිලිවූ සෙනෙහයින් ඉඳිමු අප මෙසේ
යලි හමුවෙමු සිසිරයේ