සුපිරි බඩුsupiri badu

Supiri Badu

Music:
ලසන්ත වීරසූරියlasantha wiirasuuriya
Lyrics:
පූර්ණිම හසරංගpuurnima hasaranga

Lyrics

(ගින්දර ඥානගෙ සුපිරි බඩූ
කොහෙවත් නෑ හොයන්න
කොහෙවත් නැහැ හොයන්න 
සුපිරි බඩූ....//)
ඥාණො සුපිරි බඩූ...

(ඥාණක්කගෙ පුංචප්පු 
අගලෙත් හැංගී ගෙන එද්දී...//)
(පොලීසියෙන් ආපූ බෙල්ල මුලින් මාට්ටූ...//)
තාඩිංගෙන් ඌට දෙයියො පෙනේ
තඩිබාද්දි දෙයියො පෙනේ
හෙලවද්දි එයිද සුරා බඩේ
මරු මරු කිව්වට එන්න වගේ 
ඇවිදින්න ආශද මේම බොලේ
සුපිරි බඩූ ඥාණො සුපිරි බඩූ...

(ඥාණක්කගෙ විෂ බීපූ
පොලඟුන්  වැටිලා දියවෙච්චී...//)
(යූරියා ටික දාපූ පෙරුනා නෑ මාට්ටූ...//)
ගැරඩිංගෙත් මූන මැවී පෙනේ
සුදු පාටට පෙරේ පෙරේ
කැලතෙද්දී කැඩුනට කෑලි කැඩී
ඒ මරුවා එවපුව මේව බොලේ 
වලපල්ලට යන්නම වේවි හොඳේ
සුපිරි බඩූ ඥාණො සුපිරි බඩූ...

ගින්දර ඥානගෙ සුපිරි බඩූ...

(වැඩි වැඩියෙන් බිව්වාම 
වකු ගඩු දෙකට වෙනවා බඩූ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.