සුපෙම් වී සිතිනාsupem wii sithinaa

Supem Wee Sithina

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා 
හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා 
(පෙම වෑහිලා නැහැවිලා 
සිත මාගේ සුව විඳිනා.....//)

සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා 
ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා 
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා 
(පෙම වෑහිලා නැහැවිලා 
සිත මාගේ සුව විඳිනා.....//)

මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟුමන් උතුරාලා 
පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා 
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා 
(පෙම වෑහිලා නැහැවිලා 
සිත මාගේ සුව විඳිනා....//)

සුපෙම් වී සිතිනා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.