සුන්දරයිදෝ ආදරේsundharayidhoo aadharee

Sundaraido Adare

Music:
මහේෂ් ජයවර්ධනmaheesh jayawardhhana
Lyrics:
නදීර ප්‍රනාන්දුnadhiira pranaandhu

Lyrics

සමන්පිච්ච දෙවැට දිගේ ඔබ පියමැන්නා මට මතකයි
නිල්වන් වූ දෑස ඔබ මා දෙස බැලුවා මතකයි 
ඔබේ සුන්දර සිනහව මා සිත මන්මත් කළාදෝ
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)

දිනක් ඔබ දේවතාවියක් සේ මා දුටුවා
ඒ බව මට හැඟුණා ආදරයක් හිතුණා
ඔබ ආදරේ කීවා මට ආදරේ කීවා
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)

සමන්පිච්ච දෙවැට.......

සුරඟනී ඔබේ ඔය සෙනෙහස මගේ ලොව පහන් කළා
මගේ එකම තරුව වූවා මගේ ආදරේ ඔබම වුණා
(ඔබ මගේමයි සැමදා......//)
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)

සමන්පිච්ච දෙවැට.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.