සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්sundharayi oba nihada baelmen

Sundarai Oba Nihanda Balmen

Lyrics

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔභ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරේ හැමදාම

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලගයි
සොයා එන්නට මට හිතයි
සුළඟ නුඹ ගැන තතු කියයි//

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම

ඔබව සිහිවී සිත හඩයි
කඳුළු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි //

සුන්දරයි ඔබ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.