සුන්දරයි ජීවිතේsundharayi jiiwithee

Sundarai Jeewithe

Music:
යොහාන් පෙරේරාyohaan pereeraa
Lyrics:
යොහාන් පෙරේරාyohaan pereeraa

Lyrics

සුන්දරයි මගේ ජීවිතේ 
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්
ආදරෙයි මගේ ආත්මයෙන් 
මගේ තනිකම ඔබට දැනෙනවා නම්
අසරණ වෙනදා ජීවිතයේ 
ලෙන්ගතු වෙන අය මේ ලොව දෙවිවරු වේ.....
සුන්දරයි මගේ ජීවිතේ 
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්.....

මල් යායේ සමනල්ලු පින්නෙන් තෙමී යයි
තටු බරව පිනි වැස්සේ හඬනා විලාපෙයි...//
මගේ ජීවිතේ ඒ වගේමයි දුර පාළු තරුවක් වගෙයි....

සුන්දරයි මගේ ජීවිතේ 
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්
ආදරෙයි මගේ ආත්මයෙන් 
මගේ තනිකම ඔබට දැනෙනවා නම්.....

මගේ සිහින බිඳ වැටුණේ මගේ බාලයේමයි
සඳ සිසිල හිරු කිරණ නොලැබී ගියා සේ...//
තනි වෙන්න වරදක් උනාදෝ රහසින් අසයි තාරුකා.....

සුන්දරයි මගේ ජීවිතේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.