සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවීsundhara dhuma dhuma naa sudhu dhunhinda dheewii

Sundara Duma Duma Na Sudu

Lyrics

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී
පෙම්බර නමුණුකුලට පෙම්කවි ගොතනා
නුඹදෝ ප් ‍රේමවන්ති සිහිලැල් ගී පද සලනා//

පුන්සඳ මූණෙ එළියගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලිමල් රසපැන් ඔසු දෙවනා
හිත නළවගන්න එන පිරිසට//
මිහිරිම කවිපද කියනා
[නුඹදෝ සොබාදෙව්ලි ගහකොළ මල්ඵල මවනා]//

කිරිසුදු බදුලු ඔයෙන් හසරැලි ගෙනෙනා
මිහිඳුම් සළුවෙන් හිස ඔළිඑළි බඳිනා
දහදිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
වට වන්දනාවෙ එන නඩේට//
සියපත් ඔබ හාදවුණා
නුඹදෝ සුරලිය මුතියංගණ බුදුගුණ වණනා//

සුන්දර දුම දුම නා...........................

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.