සුමුදු පියල්ලක්sumudhu piyallak

Sumudu Piyallak

Music:
දිනේෂ් තරංගdhineesh tharanga
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු
පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ
මිහිරියි ආදරේ මේ හැමතොට හමනා සුළඟයි ආදරේ
සිහිනෙන් සිහිනෙට ළඟා වී සවනින් සවනට දිගා වී
දෑසින් රහසින් කියා දුන් සුවඳම පණිවුඩයයි ඔබේ ආදරේ
ඔබේ ආදරේ මල් වියනේ අරුමැසි දැහැනයි ආදරේ.......

ඉඟි බිඟි නිදහසේ හිත් ළඟ දුක් විඳී
පියකරු මදහස හදවත පිරිමදී
වදනින් නොකියන දහසක් සිතුවිලි
යායට දොර ඇර දෙන ඒ මොහොතේ......//

සුමුදු පියල්ලක් ලියා දුන් උමතුව ළංව ඇති මාගේ
හැඟුමක අරුතට අරුත දුන් සොඳුරුම සිරිතෙකි 
පිවිතුරු ආදරේ ඔබේ ආදරේ.......

ඔබ ළඟ නිදහසේ රස බස් තෙපලමින්
අහසේ ගෑවෙමින් සතුටින් පාවෙමි
බිඳුවක් ඉල්ලන ඔබ හට ගඟුලක් 
තරමට පුද දෙන්නම් මගේ ආදරේ.....//

ඇසිල්ලකින් මත් කළා වූ 
දිගැස් ලියේ හිත හදාපු 
බිඳක් තියේ නම් කමක් නෑ
මගේ සිහිනය ගෙන දිවියට එනු මැනේ
පිවිසෙනු මැනේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.