සුමුදු පර මල්sumudhu para mal

Sumudu Para Mal

Lyrics

සුමුදු පර මල් වියළි තුරුපත් 
තුරුළු වියපත් බිමට වැටෙනා 
හඬින් විය වී මුදුවා ඉන්නට 
කියා දුන්නේ ඔබයි අප්පච්චි 

මිහිරි බොදුනක රසය නොම විඳ 
අපට රසවුණු ගෙනත් දී රස 
දරණු විස ගෝරයන් පිළිබඳ
කියා දුන්නේ ඔබයි අප්පච්චි 

සුමුදු පර මල්...

වන වදුලු මැද ගිරි මුදුන් ගැන 
නිම්න මිටියාවතින් ඇලදොළ 
උයන් වතු ගැන සොහොන් බිම් ගැන 
කියා දුන්නේ ඔබයි අප්පච්චි 

සුමුදු පර මල්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.