සුමුදු නිදි කුමරීsumudhu nidhi kumarii

Sumudu Nidi Kumari

Lyrics

සුමුදු නිදි කුමරී... උපන් කළු සිහිනයේ...
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන්
සිප වැලඳ ගන්නී...
ජීවිතේ නැවතුම්පළේ හිඳ විදා මායා සිහිල් සලුපිලි
කරන්නී ඇරයුම් උන් හට රඟන්නට නෙතු පියා...
නැගෙන්නට දුර ඈත අහස
බොල් පොළොව මත තැබූ පා ඔසවා...

කාගෙදෝ ශාපයෙන් උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු නොබියව එය විඳිවු
රජෙකු සේ...කුමරෙකු සේ...//
පියකරුයි රෑ රුපුමනේ ලෝ
වැසේ බොඳවේ සැඟවේ ඉකිබිඳී පරිසරේ
ඒ හඬ වනපෙතේ මිය ඇදුනේ...

රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඉසිවරුනේ...
මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙවු
රුවැති නිදි කුමරියගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.