සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේsulagee paawii aawaa oba ewuu ee aadharee

Sulange Pawi Awa Oba Ewu Ae Adare

Music:
චමින්ද සමරනායකchamindha samaranaayaka
Lyrics:
චමින්ද සමරනායකchamindha samaranaayaka

Lyrics

සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ
දේදුනු පැහැ රන්සළු ගෙන එන්නම්
ඔබ එන මඟ නෙත් දල්වා ඉන්නම්
මේ දිවියේ ඔබ හැර මා නෑ පැතුවේ වෙන කිසිවක්
සංසාරේ දිගු ගමනේ ඔබ වෙනුවෙන් මා ඉන්නම් හැමදා

දුර ඈත කදුයායේ එන සීත මද සුළගේ
ඔබේ සුවද දැවටී තියේ
හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිඳු වැටෙනා තාලේ
අප හමුවූ මතකය මැවේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා

මේ සීතල ගං වතුරේ දේදුනු නිවෙනා යාමේ
සහසක් වූ පැතුමන් මැවේ
අඩ අදුරේ විකසිතවී පෙම් හැගුමන් පිදි ඒ
මේ සොදුරු සන්දයා යාමේ 
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා

සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.