Lyrics
සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ //
සීතල පැන් පොදක් දෙතොලඟ
උණුසුම් හාදුවක් නළලත
තබනවාද එබ පවසන්න මගෙ සඳ
ඒ පිනෙන් මට සමුගෙන යන්න
ළංවී එක්වරක් සවනට
යන්තම් තෙපලන්න හෙමිහිට
ආදරෙයි නේද මේ ඩිංග මට ඇති
රත්තරන් ඇස් දෙක වහගන්න