සුළඟ නවත්තන ඈsulanga nawaththana ae

Sulanga Nawaththana Ae

Music:
සහන් රන්වලsahan ranwala
Lyrics:
සහන් රන්වලsahan ranwala

Lyrics

සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ..
හෙමි හෙමිහිට මල් වැසි වස්සන 
කුමාල හිත යලි හරිගස්සන 
භගවත් ප්‍රේමයෙහි ඉපදුන 
කුමරා 

එක්ටැම් කුළුණක හේ..හේ.. ඒ.. ඒ..
සිරගත කල නොහැකි හදවතක 
දඬුවම් කල නොහැකි වරදකට 
භගවත් ප්‍රේමයෙහි ගෙන එන 
චිත්‍රා 

සන්සුන් ගමනින සඳ පායන සඳ 
කවුළුවෙන් වින්දා අනිමිසය වැඩුවා
අනගි කොමල පා රිදෙනවද 
ජීවිතය දැන් වෙහෙසයිද 
බැඳීමක් හන්දා 

සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ....

හිත හිරිවට්ටන මේ අලුත උපන් හිත 
මට අයිති නැතුවා අයිතියට පිදුවා 
මාව මට නැති කරදැම්ම 
හේ දැනෙන්නේ ප්‍රේමයද 
නොදනිමී දෝසා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.