සුළං කුරුල්ලෝsulan kurulloo

Sulang Kurullo

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

Lyrics

සුළං කුරුල්ලෝ..
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

(සීන පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ...//)
ආදරේ... ආදරේ....
ආදරේ... ආදරේ....
ආදරේ... ආදරේ....

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
එගොඩ ගොඩේ ඇති සීල විමානෙට 
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

(මතක ලොවේ දොර අගුළු හැරේ අද
මොනවද එහි හිරවී ඇත්තේ...//)
ආදරේ...ආදරේ....
ආදරේ...ආදරේ....
ආදරේ...ආදරේ....

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.