සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපීsulan koodayaka mahaa meeghayaka saengawii saethapii

Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi

Lyrics

සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුලේ

සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තනි වී හිඳිමී
වසත් සිහිනයෙක මනෝ ද්‍යානයෙක නිදහස දකිමී
නොඑන් මා කරා සමාධියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුලේ

සුළං කෝඩයක ....

වහල් දිවිමගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තජෝ වාසයක රැඳිලා හිඳිමී
දුහුල් සළු උනා ද්‍යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිඳලා
අවාරයේ පිපි මල් කැකුලේ

සුළං කෝඩයක ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.