සුළඟට කලින් පාවී ලස්සනsulangata kalin paawii lassana

Sulagata Kalin

Lyrics

සුළඟට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඩුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් නිල් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල්කෙම් අතරේ සඟවා රහසේ
මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉගිලී යන්නට ආයෙත්
අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
නටුවේ බරවී රතු රෝස මලක්

සුළඟට කලින් .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.