සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේsulangak welaa oba seaaya enna oone

Sulagak Wela Oba

Lyrics

සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ

හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ
මුලු ජිවිතේ ඔබටමයි අාදරේ

සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ

ඔබ මාද කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලෙ හැංගී සිප ගද්දි දැණුනා මට සුවේ

සිසිල දෙන මේ නදී තෙරේ තුරුලු වුණු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳි හිඳිමු යැයි කීව කුමරියේ

ඔබ නේද දන්නේ තාම එ්රහස දන්නේ
ඔබමයි සොයන්නේ සෑමදා මං පතන්නේ

පෙර සේම අාවා මං සෙව්වා ඔබ නෑ ගං තෙරේ
ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහෙදෝ ඔබ 
ගියේ
   
දිය සුළිය කුරීරූ වූ ලෙසේ අැයිද ඔබ මාව හැඬවුවේ
හඬමි මම මේ නදී  තෙරේ අැයිද ඔබ මා දමා ගියේ 

ඔබමයි සොයන්නේ තාම එ් රුව සොයන්නේ
සුළඟක් වෙලා සෑමදා මං සොයන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.