සුළඟ වගේ ඇවිදින්sulanga wagee aewidhin

Sulaga Wage Avidin

Music:
රුක්මන් අසිතrukman asitha
Lyrics:
නිවන්ති වසුන්දරාniwanthi wasundharaa

Lyrics

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා//
ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා බෝමා...
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා...

අවතැන් වී මගේ ලෝකේ ඇයි මේ ලෙස සිදුවන්නේ
ඇරයුම් නැති වූවාදෝ මා හට ඔබගේ ලෝකේ
නුඹ දෙවි හදවත සමකොට ඔබ හද 
නිහඬව වැලපෙයි හදවත මගේ අද...
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා...

හැම භවයකදීම වාගේ පසු පස ආවෙමි ඔබගේ
කවදා හෝ සංසාරේ හිමි වන්නේ ඔබගේ ප්‍රේමේ
කඳුලයි තනියට හිටියේ මා හද 
නෑ වෙන සරණක් තිබුණේ මා ළඟ...

සුළඟ වගේ ඇවිදින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.