සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්)sukiri batillangee giithaya (sonduru dhasun)

Sukiri Batillange Geethaya (Sonduru Dasun)

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා 
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා 
උදේ හවා දෝත නඟා එතෙරට වැද පුදල්ලා 
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා 

වාසි පිලට හුරේ දමා පිළෙන් පිළට යමල්ලා 
බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා 
දණින් වැටී නළල ඔබා නිළතල අරගනිල්ලා 
කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා 

දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා 
කව් සිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා 
සුකරි බටිල්ලන් එක්කලා බයිලා පොලට ඇවිල්ලා 
රව්කින්නා තාල අනුව කපිරින්නා ගයල්ලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.