සුහදිනියේ සඟවන්suhadhiniyee sangawan

Suhadiniye Sagawan

Music:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
සදමිනියේ ඔබ නම් සැණකෙලියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙනන්ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හී දැල්වෙයි
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ 
දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කල අරුමැසියයි මෙලොවේ 
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා

වීණා බඳවට කැරකෙන වරලස 
අණදෙන හෘදස්පන්දනයෙන් 
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ 
මගේ පෘථග්ජන සිතුවිල්ලේ 
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ 
රතු නලඟන මගෙ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ

සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.