සුගත ලෝනා සම්බුද්ධ රාජාsugatha loonaa sambudhdhha raajaa

Sugatha Lona Sambuddha Raja

Lyrics

සුගත ලෝනා සම්බුද්ධ රාජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා
ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා
දී භක්ති පූජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා….

භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා….

සුගත ලෝනා....

තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
අහස දෙදරා ගියා පොලව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා….

සුගත ලෝනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.