සුදු සේල දවටාsudhu seela dhawataa

Sudu Sela Dawata

Lyrics

සුදු සේල දවටා මුතු මාල පළඳා 
සරණේ බැඳෙනා පින්බර මනමාලියේ 
සුභ සිහින ඉටුවී පෙම් කිරුල වෙනුවෙන් 
පිළිගන්න මගේ සුභ ප්‍රර්ථනා//

පෙරදාක මාගේ හද මන්දිරේ 
සිටියා ඔබේ පෙම්වතා//
දෛවේ සිනාසීලා හඬවලා මා 
උදුරා දමා වෙන්කළා 

සුදු සේල දවටා...

දෑසේ මගේ මේ කඳුලැල් මකා 
දෙතොලේ සිනා කැන්දලා//
ගයමි මෙසේ ගීත ජය මංගලම් 
ජය මංගලම් සැමදා 

සුදු සේල දවටා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.