සුදු සඳ මඩලටsudhu sanda madalata

Sudu Sanda Madalata

Lyrics

සුදු සඳ මඩලට තුරුල්වෙලා
සුවෙන් නිදන සඳ සාවී
මගෙ හද මඩලට තුරුල්වෙලා
සෙනෙහස දෙන මගෙ ප්රේෙමී
සඳෙන් වෙන් නොවන සාවි ලෙසින් මා 
සසර පුරා සීදේවී
නුබයි මගේ සඳ සාවී.....

සඳ මත තැවරුනු හිමකිරණින්
සිසිල බෙදන මගෙ දේවී
සඳ තනිකරලා යන්න එපා
කවදාවත් සඳ සාවී
නුබයි මගේ සඳ සාවී.....

සුදු සඳ මඩලට....


රැඟුම් වැයුම් මැද මගුල් සිළෝ මැද 
ළඟට ගන්න සීදේවී
නැකත් තාම නෑ හීන ගණිනවා
ඉවසමු අපි සඳසාවී
නුබයි මගේ සඳ සාවී...

සුදු සඳ මඩලට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.