සුදු රෝසයිsudhu roosayi

Sudu Rosayi

Lyrics

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා
හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය ඈ ආදරේ

පුංචි දඟකාරී ඊයේ - දැන්නේ හැඩකාරී වූයේ
මූණේ පෙම්පාට සඳපාන වාගේ
ඔන්න සබකෝලෙ වූයේ - කව්ද මොනවාද කීවේ
දෙන්න මදහාස මධු සාදයේ

සේල මුතු මාල අන්දා - යාවි කරකාර බන්දා
ගෑණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ 
ඹන්න තනි නෑලු ආයේ - ඉන්න කිරිකෝඩු වාගේ
පුංචි මනමාලි නව ජීවිතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.