Lyrics
සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිහිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද
නොවෙයි කිරින්ද ...
මාගම් පුර වන්දනාවේ කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක//
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක
වාඩිවෙලා ඔබ සිටිද්දී ගල් තලාව උඩ
සුදු රල ගල් කුල මත ..../
එක දවසක එක සවසක සැගවී ගිය ඔබ
ඊට පසුව හමුඋනේ නෑ කවදාවත් මට//
මම නොදනිමි ඔබ කොහෙද කාගේ කවුරුද
යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගේ සිත
කිරින්දේ එනවද....
සුදු රල ගල් කුල මත ...../