Lyrics
සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන
සොඳුරු වදකාරීලූ මං ආදරේ ඉල්ලන.........
(ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි.......//)
සුදු සඳ එළියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා ඔබේ නෙතු කැල්මට
නොපිපේද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ
කොහොමද මං.........
නිල් දිය කලඹන සුළඟක් වාගේ
නිදිවරා හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා.........
ඒ ආලවන්තකම් ඉවසන්නේ
කොහොමද මං.........
සුදු පිච්ච මල්......
ඔබේ සුන්දර සිත.....//