Lyrics
(සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ... ඈ තාම නෑ....//)
(පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා//)
(පිරුණු සඳක් සේ මහද දිලේ//)
යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ... ඈ තාම නෑ....
සුදු පරවි රෑන .../
(මල් හිනා පිපී මුව මඩල පුරා රඳවා//)
(මුතු අහුරක් සේ දසන් සලා//)
ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ... ඈ තාම නෑ....
සුදු පරවි රෑන ...//