සුදු පාට මල් වැටුනුsudhu paata mal waetunu

Sudu Paata Mal Watunu

Lyrics

සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම 
අපේ බාලේ සිහිවෙයි නගේ 
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න 
මට තාම ආසයි නගේ 
හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න 
තව කොඩුකාරයි වගේ...... 

වැහි දාට කඩදාසි ඔරු හැදුවා මං 
වැහි ලිහිණියෝ වැහි අරන් 
දුර ඈත ගෙනහිල්ලා දැන් මම ඉතින් 
කඩදාසි ඔරු තනිවුනා 
වැහි නැතීව මග තනි වුනා 

සුදු පාට මල් වැටුනු.../

එනදාට ගම පැත්තේ මට ලීවෝතින් 
මුතු අකුරෙන් පිටුවක් පුරා 
බද වැටියේ ලිද ගාව මම ඉන්නවා 
දැකගන්න මගේ නෙත් පුරා 
හද ආදරෙන් උතුරලා....

සුදු පාට මල් වැටුනු.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.