සුදු නෝනාsudhu noonaa

Sudu Nona

Lyrics

නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේ //
බස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ 

F 
අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇත //
තමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත 

ඔයා පිලි ගන්නේ නැත්ද මගේ නෑ කිසි වැරැද්ද //
පුතාට ටොපි ගෙනාවා දැන් කෝ පොඩි පුතා නිදිද 

F 
නැති බොරු වෙනෙහෙ පපා අප රවටන්න එපා //
කටගොන්නක් බීගෙන මින්පස්සේ මෙහෙ එන්න එපා 

ඇත්තම ඔයාට කියන්නම් 
ඔයා එය පිළිගන්නවා නම් 

මිතුරෙක් අඩගහුවා පොඩි අඩියක් ගැහුවා 
ඕකත් ලොකු වරදක්ද //

F 
මොකටද ඉතින් මගේ කට 
ලජ්ජා නෙද්ද තමුසෙට 

බස් එක නතර උනේ මිතුරා අඩගහුවේ  
තැබැරුමක්ම ලගදිද //

තරමක් ලේසිය දුන්නා 
නෝනා මගේ කරටම එන්න

ඔව් මම අඩි ගැහුවා පරක්කු වී අවා 
නෝනා දැන් කියන්නනේ මොකද //
අනේ ඔයාගේ ලේසිය 

F 
ඔයාලටමයි වාසිය .....
ළමයි බලන්න ඕනා රෙදි හොදන්න ඕනා 
තනියම අපට කරදර //

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි 
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි 
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි 
ළමයි බලන්නයි ගෙදරට වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ  
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියලද අනේ 
ඔයාලා කසාද බැන්දේ ඔහොම කියලද අනේ 
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ 

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා 
ලොක්කට වැදලා තමයි එන්නේ බේරිලා 
අපේ බොසාට වැදලා තමයි එන්නේ 
කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා

F 
පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද 
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද 
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද 
පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුනට 
කැත කට හතරට ඉරනට හිතේ මට 

F 
මගේ කට හතරට ඉරනට හිතුවට 
මේ මට දෙන බේට තමුසෙට ලැබෙයි හෙට 


දුවේ පුතේ මාකියනා දේ අහ ගන්න 
කදුලක් නැති තැන සිනහව එද්ද බලන්න 
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න 
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න 
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.