සුදු මූණ දැකගන්නsudhu muuna dhaekaganna

Sudu Muna Dakaganna

Lyrics

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා
රැකගන්නවා මේ දිවි ඇති තුරා
මට ඔබේ ආදරේ සෑමදා වාසානා
ඔබේ ආදරේ සෑමදා වාසානා.......

රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
සිත ඈත යයි පාවෙලා
රන් කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
(මගේ නෙතු පිනයි රෑ පුරා.....///)

සුදු මූණ.....

සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ
පින්වන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
(ඔබේ ආදරේ තේරුණා.....///)

සුදු මූණ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.