සුදු මුහුණු ඩිංග (දකින්නෙ අවසන් වරටයි)sudhu muhunu dinga (dhakinne awasan waratayi)

Sudu Muhunu Dinga (Dakinne Awasan Waratai)

Music:
නිලාන් ප්‍රනාන්දුnilaan pranaandhu
Lyrics:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

Lyrics

සැපට නිදනා මැණික මාගේ
නැවත කිසිදා අවදි වෙන්නෑ
මතක් වෙද්දී පපුව ඇතුලේ
හුස්ම හිරවෙනවා වගේ

හැකි උනානම් ජීවිතේ
එක හිතින් දෙනවා මගේ
මියදුනේ ඔබ නොවේ මගේ ජීවිතයයි නගේ..

දකින්නේ අවසන් වරටයි ඔබේ සුදු මුහුණු ඩිංග
පතන්නම් මතු භවයක හෝ යලිත් මා ඔබේ වෙන්න //

සඳ නැති අහසක් කිසිදා එලිය නෑ වගේ තමයි
ඔබ නැති ලෝකේ සැමදා අඳුරු වේවී ස්ථිරයි

හැකි උනානම් ජීවිතේ...

දකින්නේ අවසන් වරටයි...//

මවකට පමණක් දෙවැනී ඔබ කියාදුන් ආදරේ
දිවි හිමියෙන් මම රකිමී නැවතුනත් පපු යන්තරේ

හැකි උනානම් ජීවිතේ...

දකින්නේ අවසන් වරටයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.