සුදු මුහුණsudhu muhuna

Sudu Muhuna

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
නවීන් පෙරේරාnawiin pereeraa

Lyrics

මගහැරුණු තැන මාව හොය හොයා යන මාව 
පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම 

කියන්නේවත් නැතිව කඳුළු එනවා තවම 
ඔබ තියා ගිය සුවඳ මකා ගන්නට බැරිව 
සිහිවෙද්දි සුදු මුහුණ කවුරුවත් නැති තැනක 
හඬනවා හැමදාම ඔබ දන්නේ නෑ ඒක 
වැටෙන තුරු ඔය හුස්ම ළඟ ඉන්නවා කීව 
ඔයා ගොස් දුර ඈත අමතකත් ඇති මාව 

මහ සාගරේ වගේ නිමක් නැති අහස වගේ 
මගේ උතුම් ආදරේ 
ඔබට නොහැඟුනා නොවේ 
වටිනා කිසිත් නොවේ ඔබෙන් ලද සැනසුම තරම් 
ඉතින්.. සමුගන්නම් මං ඔබෙන් 
ඔබට කඳුලක් නොදී 
 
කියන්නේවත් නැතිව කඳුළු....

මගහැරුණු තැන මාව හොය හොයා යන මාව 
පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම 

කියන්නේවත් නැතිව කඳුළු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.