සුදු මැණිකේ මගෙ මැණිකේsudhu maenikee mage maenikee

Sudu Manike Mage Manike

Lyrics

සුදු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එලිය වගෙයිනේ
කැකුළු මල් අද පිපුනා මගෙ හදවත බැඳුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ...// 

ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා
ඇල් හේනේ පැල රැකලා කල් යන්නේ නිදි මරලා
සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා

සුදු මැණිකේ මගෙ මැණිකේ ..../

නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා 
නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා 
සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දාගෙන එනවා

සුදු මැණිකේ මගෙ මැණිකේ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.