සුදු මල් පොකුරක්sudhu mal pokurak

Sudu Mal Pokurak

Lyrics

සුදු මල් පොකුරක් අතින් දරා 
මා ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා 
සිහිකරනෙමි මගේ පියාණනි//

බාලවියේ ඔබ තුරුලේ නැළවී 
සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ 
මා තනි කෙරුවේ 
නැවත නොඑන්නට ගිය ගමනේ//

සුදු මල් පොකුරක්...

කැඩපත හමුවේ හිඳිමි 
නිරතුරු ඔබේ රුව දකිමි 
කලා ලොවේ දොර අභියස සිටිමින් 
ඔබ සිටියා නම් සතුට දැනේ//

සුදු මල් පොකුරක්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.