Lyrics
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
උමලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ - පුතු ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඩුළැල් දරාගෙන
දරුවන් ඇඳුම් ඇගළුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි කර පෙවූ දරුවන් දැක මියෙන්නෙමී