Lyrics
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ මල් යැයි ඈදී
අයියේ මගේ ගන්නැයි ගියේ මං
ගං දෑල නම් නපුරුයි වගේ
නාඩන් නගේ මං දැන් ලගින් ඉන්නේ
අයියා මගේ කවදත් හොදයි
සැමදා ලගින් ඉන්නේ මගේ පණ සේ
පුන්පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා ඔබ හිනැහෙයි කියා
දුටුවේ නෑ පියමං කලා
සද එළියේම නොපෙනී ගියා...
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ...
අප්පච්චි ලග උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන්
දුක ඉවසාන පිටුපා ගියා
ඒ දුක් ගින්න හදෙහි දරා
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ...