සුදු ඇත් පොව්වෙක්sudhu aeth powwek

Sudu Ath Powwek

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

Lyrics

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන 
පැදකුණු නොකලත් සිරි යහනේ 
පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිඳු
මට රජ පැටියෙක්

හන් කිති කවමින් කුස තුල සක්මන් කරනා  
නුඹ දඟයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා 
පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත් 
නුඹේ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි 
ආදරයයි ආදරයයි....

කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ  
ලෙය කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නෑ  
පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත් 
මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි
ජීවිතයයි ජීවිතයයි...

සුදු ඇත් පොව්වෙක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.