Lyrics
(සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද...//)
ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ
සුදු අරලියා මල....
මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා
සුදු අරලියා මල....//