Lyrics
සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා
වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක හිතිලා
පලා ගියේ ඔබ සිව් වසරක පෙම නොසිතුව ලෙස බිඳලා
එපා එපා ඔබේ අනුකම්පාවක් මම දැන් ඔබ අමකත කරලා
ඔබේ චපල කම හඳුනාගන්නට සිව් වසරක් ගත වුණු හින්දා
පාළුව පිරි ලොව කඳුළට තුරුළුව සුපුරුදු තකිනම හද රන්දා
යන එන මං නැති අසරණයෙකු ලෙස විඳිමින් ලොව අවමන් නින්දා
ඔබ වැනි ළඳකට පෙම් කළ වරදට ඇතිවන තුරු මම දුක් වින්දා
මගේ හිත ළඟ නෑ ඉස්සර වාගේ ආදර හැඟුමන් නතර වෙලා
ලත වෙන්නේ නෑ පෙම් කළ කාලේ සුන්දර සැමරුම් ගැන සිතලා
රැවයෙන්නේ නෑ මින් මතු ආයේ එක හිත නැති ළඳකට බැදිලා
පිළිගන්නේ නෑ මං වෙනදා සේ ප්‍රේමය පිවිතුරු යැයි කියලා
සුභාෂිණී ඔබ කලකට පසු .........