සුභ උපන් දිනක් ලෝකෙටsubha upan dhinak looketa

Suba Upandinak Loketa

Music:
දිනේෂ් අමිලdhineesh amila
Lyrics:
දිනේෂ් අමිලdhineesh amila

Lyrics

(සුභ උපන් දිනක් ලෝකෙට 
දෙව් පුතු උපදින අද දිනයට
අපි සැරසෙමු එතුමන් පිළිගන්නට 
නැතිකරලමු භේදය......//)

සිත පුරවමු සාමෙන් සමගිය ප්‍රේමෙන්
දුරලමු වෛරෙන් ක්‍රෝධය ලෝකෙන්
මිනිසත්කම නැගිටා සිටවමු 
අපෙ දිවිමග දෙව් පුතු මග යමු
දැහැමින් අපි ඉමු.....

සුභ උපන් දිනක්........

සතුරන් මිතුරන් කරවමු එලෙසින්
මිනිසුන් නොමගින් ගලවමු සැබැවින්
අපි සැරසෙමු හිත පිරිසිදු කරවමු
අපෙ දිවිමග දෙවි පුතු මග යමු
දැහැමින් අපි ඉමු.....

සුභ උපන් දිනක්........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.