සුභ සිහිනේ යාවීsubha sihinee yaawii

Suba Sihine Yavi

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
කුසල විදානපතිරණkusala widhaanapathirana

Lyrics

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

සිනා උදා වේ වසර නිමා වේ 
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ 
ගලා ආ දෑසේ ගලා ගීතේ 
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ  

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

හීනෙම නුඹ වුනා බක් මහ නිම වෙලා
තාමත් හදේ වැයෙන්නේ 
නැතිදෝ ආශා සෙනෙහේ වර්ෂා 
රසයේ නුරා දැවෙන්නේ 

සිනා උදා වේ වසර....

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා
තාමත් හදේ වැයෙන්නේ 
වසරේ ආශා දැනෙනා සීමා 
තනුවේ සුවේ දැනෙන්නේ 

සිනා උදා වේ වසර....

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.