ස්තූතියිsthuuthiyi

Sthuthi

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ 
හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ  
වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ 
ඇත්තට ආදරෙ කල අය ලෝකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තෙ මාගේ අත පුරා 
වේදනාවන් ඉවසලා සිටියෙ මාගේ වේ සිතා 

(ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා 
අස්ථිරයි සෑම දේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා...//)

සඟවන්න බෑ මට කෙල්ලේ සම්බන්දෙ නෑ දැන් අපගේ 
වේදනාව මනසේ දුවනවා 
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා 
සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා ඔයා සැමදා හා 
  
(ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා 
අස්ථිරයි සෑම දේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා...//)

සෙල්ලම්ද ඔබ කල හැමදේ තනිවෙන්න මට දැන් ඕනේ 
සෑමදේම මං දැන් දන්නවා   
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා 
සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා ඔයා සැමදා හා 

ආදරයෙන් ගිනියම් වූ....
ස්තූතියි ආදරේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.