Lyrics
ස්ථීරයි කිවිවත් උන්ගේ ආලේ
අස්ථීරයි නැත්තම් සල්ලී භාගේ
නපුරුයි දැන් කෙල්ලෝ හින්දා කාලේ
ඒ හින්දයි බැන්දේ නෑ කසාදේ
(සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා...//)
චපලයි වෙන කොල්ලෝ පස්සෙන් යන්නේ
කියහන් මං කොහොමද ඉවසන් ඉන්නේ
කවදා හැදෙයිදෝ දෙයියෝ දන්නේ අයියෝ
එතකම් නම් මං නෑ ජීවත් වෙන්නේ
සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා
සායම් ගාලා මායම් පාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා
තනියෙන්මයි මා නම් හැමදා ඉන්නේ
අම්මෝ නෑ මං නම් නෑ බඳින්නේ
දැන දැන ඇයි මුන්ගේ පස්සෙන් යන්නේ
ඉන්නා ඩිංගේ තනියෙන් ඉඳපන්නේ
(සායම් ගාලා මායම් දාලා
බැස්සත් කෙල්ලෝ හින්දා රැවටෙන් නෑනේ මා...//)