Sri Lankan 2000's Medley

Sri Lankan 2000's Medley

Lyrics

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතිවමත් නොවේ ඔබ යන්න යනවානම්
දෑස් වසා කඳුළු සලා දෑස් වලින් සිනා සලා
සුසුම් වලින් කතා කලා ඔබ යනවා සුවඳ තියා... 

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතිවමත් නොවේ ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්
හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී යන්නෙපා ඔබ සැඟවී
ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලංවී
සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ලඟටම වී...

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...

හැබැවින් නුඹෙ රුව අත් විඳිනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි...

(සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...//)
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි නුඹේ සිතුවමක් අඳින්නට...

නුඹ ගැන මා සිත සිතන සිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිඳින්න මා ලඟ...
(සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...//)

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් 
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
සුරඟන කිරිල්ලියේ රහසක් කියන්නම්
නිල්වන් ගුවන් තලේ ඔබහට පුදන්නම්
සුරඟන කිරිල්ලියේ රහසක් කියන්නම්
නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.