ශ්‍රී ලංකා මාතාshrii lankaa maathaa

Sri Lanka Matha (BnS Version)

Lyrics

හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා..
අවසන් හුස්මත් ගිලිහි යන තුරා..
එක හෙලා පුදලමූ, අපෙ ජීවිතේ ලේ පවා..
ශ්‍රී ලංකා භූමි නමදීමූ සැවොමා..
වන්දේ ලක් මෑණි සැමදා..

ශ්‍රී ලංකා මාතා.. පෑ විස්කම් බෝමා..
ශ්‍රී ලංකා මාතා.. රකිමී සැමදා..
ශ්‍රී ලංකා මාතා.. පෑ විස්කම් බෝමා..
ශ්‍රී ලංකා මාතා.. වඳිමී සැමදා..

උරෙනුර ගැටිලා, බලය විහිදුවා..
ඩා බිඳු හෙලලා, සවිය පාමිනා..
සැම දනා.. දිවි දෙමූ, හෙළ භූමියේ නාමිනා..
ඔද තෙද පාලා, සිංහ ධජ හොවා..
ළය පුද කරලා, තේජසින් සැමා..
හඬ නගා.. පවසමූ.. අභිමානයේ ගායනා..

ශ්‍රී ලංකා භූමි නමදීමූ සැවොමා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.